Saturday, January 24, 2009

ගාන්ධර්වයාණෙනී....

අනිත්‍ය වූ ලෝකයේ

නිත්‍ය සත් ස්වරයකින්

එහා ගිය රිද්මයක්

සිහින් තත් මිමුණුමක්....


උදුම්බරා හිනැහෙන විට

සද අවරට හැංගී ගොස්

අනන්‍ය වූ රිද්ම ලොවක්

මව් තලයට බිහිකර දී ....


සප්ත ස්වරයෙන් උච්ච ස්වරයට

තාලය ගැලපූ මියැසි පියාණන්

සප්ත මතකය ඉතිරි කරදා

කොහේ ගියාදෝ ඉගිල්ලිලා.....


සුලං කුරැල්ලෝ සෝ ගී මුමුණයි

භවෙන්භවයටම තාලය නොනැසුන

හිතුවක්කාර රිද්ම රටාවේ

ගාන්ධර්වයාණන්ගේ නික්ම යාමෙන්....



Saturday, October 18, 2008

පියාණෙනි .....

ජීවිතයට පණ පෙචු උතුම් පියාණෙනි මගේ
හැරගියේ ඇයිමෙසේ කදුළු සයුර අතර මැද
මල්පිපී සුවද දුන් පා නැගු‍ මාවතේ
මල්වැටී මිලිනවී සිහිනයක් බොදවුනේ

බාලවියේ ඔබ අත පටලා මා
පියනැගුවා පාසැල වෙත අකුරට
දෙපා නමැද ආසිරි ගෙන ඔබගෙන්
සතුටින් අකුරට නික්ම ගියේ

ඔබ සමග පියනැගු පුන්චි මල් මාවතේ
සිතුචාද ඔබ යන්න තනිකර මා ලොවේ
සුපිපි මල් මිලිනවී ඇදවැටී මාවතේ
මල්වඩම් හතරඅත පියනැගුනි ඒ දිනේ

හදාරා සිප්සතර කටුක මං‍ෙපත් තුලින්
ගෙනගියා ඡීවිතය රුදුරු භාදක මැදින්
අකුරුචැල් බොද වුනිද කදුළුපිරි නෙත් දෙකින්
දිරිගතිමි මා එදින පියා‍ණෙනි ඔබ නමින්

ඔබ දුන් සවියෙන් ලබා අද ජය
වාසිටියට යන මේ මොහොතේ
දෙපා නමැද ආසිරි ගැන්මට මට
ඔබ මා ලග නැත පියතුමනේ......


Wednesday, August 29, 2007

my poem

ෙරා්සමෙෙල් යථාර්තය ....

පුංචිම පුංචි ෙරා්සමලක්
ඩිංෙගන් ඩින්ග පිෙපනකමි
දයාබර වු නටුව
ෙකායිතරමි බලා ඉන්නැතිද.....
ෙපත්ෙතන් ෙපත්ත විකසිතව
සුවද‍ හමන්නට අාසාෙවන්
සීරැෙවන් සීරැවට ෙපති පුබුදුවන
කිරිෙකා්ඩු ෙරා්ස මල සිතන්නට අැතිද ෙමවන් ෙදයක්......
හිමින් හිමින් මලෙෙවත අුෙදන පිට ඔෙප් ෙපන්වා මල වසග කරවා
විශතුඩඟ සඟවා ෙපමිබස් ෙතපලන
මෙලන් මලට පියඹා ෙරාන් ෙසාරාගන්නා
විෂ බඔර.......
ෙමාෙහාතින් ෙමාෙහත ගත ෙවද්දි
හසුෙවලා මුලාවට
ෙපත්ෙතන් ෙපත්ත ගිලිෙහද්දි අමතක වුනිද
නුඹ විකසිත වනෙතක්
ුවිහින්සක සිත කටු බවට පත්කල
ෙලාෙවහි අවමන් විදිනා
අවිහින්සක නටුව.........